මළ එකාගෙ කවිය

6/21/2015 , 0 Comments

කලු කෝට් ඇඳගෙන මහා රෑ මගුලකට වගේ
මම ගෙදර ආවා දිගම දිග මිනී ගෙනියන හර්ස් එකේ
පෙට්ටියක බහා තිබු මගේ ඒ මෘත දේහයේ
පිළිගැනුම කරනට හිටියෙ නෑ කවුරුවත් අනෙ ඒ වෙලේ

මම හුස්ම ගනිපු දින වල අපෙ ගේ හැම අතේ
හිටියා හරි බරටම යාලුවෝ මගෙ පණ වගේ
හුස්ම පොද අහවර වෙලා මම එන වෙලේ
නෑ එකෙක්වත් පිළිගන්න මගේ මේ මළ ජීවිතේ

කනත්තට මම වැඩියෙ තනියෙන් පිහිටෙනුයි අර හර්ස් එකේ
හතර පැත්තෙන් මාව උස්සන් යන්න කවුරුත් නෑ වගේ
මැරිල මේ දෙස බලන් ඉද්දි කොහොම වලලනු ගත මගේ
එහා පැත්තෙ මිනිය වළලපු එවුන් වැලලුවා මාවත් අනේ

0 comments: