මටත් කෙල්ලෙක් හිටියනම්
අද වැලන්ටයින් දවස නේ, ක්ෂණිකව මගේ මතකෙට ආවේ ඒ දේ.එක පාරටම ගැස්සිලා නැගිටුනේ.වෙනදට මෙහෙම නැගිටින්න බැහැ.ඒත් අද, පුදුමයි ඒත් ඇත්තයි. වෙනදට විනාඩි පහෙන් මූණ කට හෝදගෙන එන මම අද පැය ගානක් තිස්සෙ තවමත් නානකාමරය ඇතුලෙ දවස ප්ලෑන් කරනවා. පොඩි සින්දු කෑල්ලකුත් කියන ගමන් හරි සතුටින් ඉන්නෙ.
"සොයා සොයා ආවා
මම සෙව්ව මැණික හමුවුනා
ඔයා තමා බබා කෙටූ එක්කෙනා
ඔයා තමා බබා කෙටූ එක්කෙනා...."
නවය වෙද්දි 'නිදහස් චතුරස්‍රය' ගාවට යන්න ඕන.එයා එනවා කිව්වා.අද වගේ
දවසකටවත් වෙලාවට යන්න එපැයි.නැත්තම් එයාගේ හිත ගොඩක් රිදෙයි.මම කවදාවත්
නැතුව උදේට නාන ගමන් හිතුවා.
එයා මගේ පණ.මන් පුදුම විදියට එයාට ආදරෙයි.එයාව පුදුම කරන්න රුපියල් 7,500ක් වටින මුද්දකුත් මම ගත්තා. යද්දි රෝස මලකුයි, ලොකු චොකලට් එකකුයි ගන්න හිතන් ඉන්නෙ. මේවා හිතන ගමන් නෑවා.
දැනට තිබ්බ අලුත්ම ඇඳුම තමා ඇන්දේ.මේ ඇඳුම එයා තමා මට අරන් දුන්නෙ.මම ආසම ඇඳුම මේක තමා.මගේ ආසම පාට - කහා පාට අත් දිග ශර්ට් එකයි, කලු පාට ඩෙනිමයි. එයා ගාවින් එන සුවඳ මට මේ ඇඳුමෙනුත් දැනෙන්න ගත්තා.
ඊයේ සල්ලි දීලා බයික් එකත් හෝදගත්තා අද යන්න ඕන හින්දා.හරිම ලස්සනයි.හැමදේම පිලිවෙලයි.හිතට පුදුම සහනයක්, සතුටක් දැනුනෙ.හරිම ආදරණීය දවසක්.
මගේ හිතේ දෝංකාර දුන්නෙ ඒ වචන පෙල විතරමයි හැමවෙලේම.පුදුම ආදරයක් දැනෙන්න ගත්තෙ එයා ගැන.එයා වෙලාවකට මට අම්මෙක් වගේ, වෙලාවකට සහෝදරියක් වගේ, තව වෙලාවකට යාළුවෙක් වගේ, තවත් වෙලාවකට ගුරුවරියක්, හොඳ පෙම්වතියක්, බිරිඳක්.හිතට දැනුනු ආදරේ හරිම පුදුමයි.අහිංසකයි.මට ලෝකෙටම ඇහෙන්න හයියෙන් කෑගහලා කියන්න හිතෙනවා,
තාත්තගෙ මේ වචන විදිල්ලත් එක්ක, මම එක පාරම නැගිට්ටෙ තිගැස්සිලා.හරියට අර හීනෙන් අද කෙල්ල බලන්න යන්න නැගිට්ටා වගේ. ඒක හැමදාමත් මට ලස්සන හීනයක්ම තමා.කෙල්ලෙක් නිසා අන්තිමට මැච් එකෙත් බාගයක් මගහැරුනා. කමක් නැහැ.. දැන්වත් බලනවා.
තවත් තනිකඩයෙක්ගේ,
ආදරණීය වැලන්ටයින් සිහිනයක්.

' එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම මම කරනවා'.
මගේ හිතේ දෝංකාර දුන්නෙ ඒ වචන පෙල විතරමයි හැමවෙලේම.පුදුම ආදරයක් දැනෙන්න ගත්තෙ එයා ගැන.එයා වෙලාවකට මට අම්මෙක් වගේ, වෙලාවකට සහෝදරියක් වගේ, තව වෙලාවකට යාළුවෙක් වගේ, තවත් වෙලාවකට ගුරුවරියක්, හොඳ පෙම්වතියක්, බිරිඳක්.හිතට දැනුනු ආදරේ හරිම පුදුමයි.අහිංසකයි.මට ලෝකෙටම ඇහෙන්න හයියෙන් කෑගහලා කියන්න හිතෙනවා,
"මම ඔයාට හරි ආදරෙයි මගෙ මැණික."
"නැගිටපන් යකෝ, මැච් එක බලන්නෙ නැද්ද උඹ.. මහා ලොකුවට රෑ කොහොම කියලද නිදාගත්තෙ තෝ. හරියට 3 වෙද්දි නැගිටිනවා කියලා.බලපන් වෙලාව කීයද කියලා.4.30 යි. 3 ඉඳන් උඹව නැගිට්ටුවා, උබෙන් කිසි සද්දයක් නැහැ. උඩ බලාගෙන හිනා වීගෙන ඉන්නවා දත් ටිකත් එලියෙ දාගෙන, හරියට පිස්සෙක් උඩ බලන් තනියම හිනා වෙනවා වගේ. බැරිම තැන මම මැච් එක බලලා ටික වෙලාවක්, උබව ආයි කීද්දුවෙ දැන්."
තාත්තගෙ මේ වචන විදිල්ලත් එක්ක, මම එක පාරම නැගිට්ටෙ තිගැස්සිලා.හරියට අර හීනෙන් අද කෙල්ල බලන්න යන්න නැගිට්ටා වගේ. ඒක හැමදාමත් මට ලස්සන හීනයක්ම තමා.කෙල්ලෙක් නිසා අන්තිමට මැච් එකෙත් බාගයක් මගහැරුනා. කමක් නැහැ.. දැන්වත් බලනවා.
තවත් තනිකඩයෙක්ගේ,
ආදරණීය වැලන්ටයින් සිහිනයක්.
ආරම්භයයි මේ - ආයුබෝවේවා!
කොහොම පටන් ගන්නද තේරෙන්නෙ නැහැ.හලෝ කියලා පටන් ගන්නම්කො.මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවෙ ගොඩක් දේවල් බුකියේ ලිව්ව නිසා.හැමොත් එක්ක මට එන ලස්සන, කැත, විකාර, සම්මත, අසම්මත, විනීත, අවිනීත අදහස් ඔයාලා එක්ක බෙදාගන්න තමා. කොච්චර දුරට මගේ මේ අදහස් ඔයාලට ගැලපෙයිද, නැද්ද කියන්න මම දන්නෙ නැහැ.ඒ ගැන මට තේරුම් ගන්න වෙන්නෙ ඔයාලගෙ අදහස් දැකිවීම් වලින් තමා.හැමදේටම වඩා වැදගත් වෙන්නෙ අදහස් දැක්වීම තමා. මගේ වටිනා කාලයෙන් සුලු කොටසක් වෙන් කරලා දෙයක් දාන්නෙ අදහසක් බලාපොරොත්තුවෙන් තමා.ඒක සෑම ලේඛකයෙක්ටම පොදු දෙයයි.මම ලේඛකයෙක් කියලා මහා "පොර" ටෝක් එකක් දෙන්න මම සූදානම් නැහැ.මොකද මම එහෙම නොවන නිසා. මම නිකන්ම නිකන් කතා කාරයෙක්, රචකයෙක් විතරයි.
එහෙනම් ඉතින් හැමෝටම ආයුබෝ වේවා...
Subscribe to:
Comments (Atom)
Popular Posts
Recent Posts
Popular Posts
-
කලු කෝට් ඇඳගෙන මහා රෑ මගුලකට වගේ මම ගෙදර ආවා දිගම දිග මිනී ගෙනියන හර්ස් එකේ පෙට්ටියක බහා තිබු මගේ ඒ මෘත දේහයේ පිළිගැනුම කරනට හිටියෙ නෑ කව...
-
පිපුණු එක මලකට පෙම් කලා සදහට හිතුවෙ නැහැ රොන් ගන්න අසංවර බඹරෙකු විලසින සැක කලේ ඇයි මෙලෙස රොන් නොගත් මා ගැනම රොන් ගත්ත බඹරා ස...
-
කොහොම පටන් ගන්නද තේරෙන්නෙ නැහැ.හලෝ කියලා පටන් ගන්නම්කො.මේ බ්ලොග් එක පටන් ගන්න හිතුවෙ ගොඩක් දේවල් බුකියේ ලිව්ව නිසා.හැමොත් එක්ක මට එන ලස්...
-
අද වැලන්ටයින් දවස නේ, ක්ෂණිකව මගේ මතකෙට ආවේ ඒ දේ.එක පාරටම ගැස්සිලා නැගිටුනේ.වෙනදට මෙහෙම නැගිටින්න බැහැ.ඒත් අද, පුදුමයි ඒත් ඇත්තයි. වෙනද...
.png)

0 comments: